සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.
එමෙන්ම, මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්.
වෙඩිවැදීමෙන් තුවාලලත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.
