මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තරගය දකුණු ආසියානු පාපන්දුවට මඟ පෙන්වන මාලිමාවක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW:

මාල දිවයින පාපන්දු කණ්ඩායම කොළඹ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හමුවීම සම්බන්ධයෙන් ජස්වර් උමාර් දරන අදහස වන්නේ දකුණු ආසියානු රටවලට ජාත්‍යන්තර තරග අත්දැකීම් හිඟ වීමේ අඩුව පුරවාලන්නට ගත් උත්සාහයක් හැටියටයි.ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා දක්වන එම අදහස බොරුවක් නොවේ.ශ්‍රී ලංකා පාපන්දුව විදේශීය ලාංකිකයන් විසින් නව මානයකට ඔසවා තැබුණත්,එම විශේෂිත කණ්ඩායමට තරග අවස්ථා හිමිවන්නේ නැහැ.


මේ තත්ත්වයට විසඳුමක් ලෙස ලෝක පාපන්දුව සමඟ ඇති සබඳකම් මත පිහිටා ජස්වර් යම් මිත්‍රත්ව තරග ප්‍රමාණයක් ලබා දෙන්නට උත්සාහ ගත්ත ද,එය හිස්තැන සපුරා පිරවිය හැකි එකක් නොවන බව සහතිකයි.මේ තරගාවලියත් වැටෙන්නේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල දෙපිල දරන ස්ථාන වෙනස් කළ හැකි තරගාවලියක් ලෙස නොවේ.එයත් මිත්‍ර තරගයක්.


වඩාත්ම වැදගත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාපන්දු ජගත් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන වෙනස් කිරීමේ සටන්වලට සීමා නොවී මේ නව ව්‍යහුය එක්ව එකට වැඩිපුර සටන් කරන පිරිසක් බවට පත් කිරීමයි.එකිනෙකා අතර හොඳ අනොන්‍ය අවබෝධයක් සිහත කණ්ඩායමක් බවට පත්වීම එහි අපේක්ෂාව විය යුතු අතර ඒ සමඟ දේශීය ක්‍රීඩා පිටිය තුළ ද යම් වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.ජාත්‍යන්තර පාපන්දු ලීග් තරගාවලියකට පිවිස මේ ලාංකේය සම්භවය ඇති ක්‍රීඩකයින් සමඟ දේශිය ක්‍රීඩකයින් අතර දක්ෂතා බෙදා ගැනීමේ ව්‍යහුය පුළුල් කරන්නට කරන යෝජනාවන් තවමත් ඉටු වි නැතත්,වැඩි තරග ප්‍රමාණයකට මේ කණ්ඩායම් සංයුතිය එකට ක්‍රීඩා කරවීම යම් තරමකට දේශිය පාපන්දුවේ ප්‍රබෝධයට ද බලපාන බව සැබෑවක්ය.


ඒ නිසා මාල දිවයින දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වුව ද,මේ මොහොතේ ඇත්ත එය නොවන බව ශ්‍රේණි වෙනස් කිරීමකින් තොරව පෙනවා දිය හැකි මොහොතක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙස මේ තරගාවලිය හැදින්විය හැකිය.සංකල්පමය වශයෙන් දකුනු ආසියානු පාපන්දුවේ තරග නියඟය නිමා කරන්නට මෙවැනි තරගාවලිවලට ඇති හැකියාව මෙන්ම මෙය එම රටවල් විසින් වැළඳ ගැනීම හරහා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මැදිහත්වීම මත ඒ ඒ රටවල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට ද බලපාන මට්ටමක් මේ තරගවලට ඇති කිරිිිමේ හැකියාවක් ද ඇත.
South Asian Super Cup 2025 – සැප්තැම්බර් (6) සහ 9 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පස්වරු 5.00 ට පැවැත්න තරග දෙරටක් අතර පැවත්වෙන තරගම නෙමෙයි. ආසියාවේ අඩු අවධානයක් ඇති පාපන්දු කළාපයක් ආවරණය කරන පිබිදීමකට මඟ පෙන්වීමක් වීමයි අවශ්‍යය කරන්නෙ.ඉතිහාසය ගත් විට කළාපය තුළ යම් යම් මොහොතවල්වලදී මේ රටවල් දෙකටම සිය බලය තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.ඒ ඉතිහාස කතාවන් කිසිවක් අදාළ නොවන අලුත් පෙණුමක් දකුණු ආසියාවටම ඇති කරන කුසලානයක් මේ තරග පිටුපස තිබීමයි වැදගත්ම කාරණය වන්නේ.


ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වන ඉන්දියාවට පවා පාපන්දු ලෝකය ඇතුළෙ වෙනත් රටවලට ලැබෙන තරග අවස්ථා ලැබෙන්නේ අඬුවෙන්.පාපන්දු ලෝකයේ ව්‍යහුය වෙනස්.දකුණු ඇමෙරිකාව,යුරෝපය සහ අද වන විට ආසියාවේ මැද පෙරදිග ස්වීය මූල්‍යමය බලයෙන් ලෝක පාපන්දුව මත ඇති යොදා ඇති ශක්තිය අභිබවා නැඟී සිටීමේ කාරණයේදී භූ දේශපාලනික කාරණා ද සහිතව ඉන්දියාව ඇතුළත් දකුණු ආසියාව පසෙකට වී තිබෙනවා.
ආසියාතික දේශපාලන සංදර්භය තුළ ඉන්දියාව ක්‍රීඩාවට අදාළ බොහෝ කේෂ්ත්‍රයන් හී ද කැපී පෙණෙන වර්ධනයක් පෙන්වමින් ආසියාවේ අංක එක වීමේ සටනේ නිරතව සිටින නමුත්,පාපන්දුව තුළින් ඒ ඉඩ ලබා නොදීමට කළ හැකිව තිබෙන තරග අවස්ථා අඩු කිරීම ද සිඳුවෙමින් තිබෙනවා.එවැනි ව්‍යහුයක ඉන්දියාව සිය බලවත්කමට වඩා මිත්‍රත්වය පාපන්දු ලෝකය තුළ භාවිතයට ගනිමින් වැඩි තරග අවස්ථාවන් ප්‍රමාණයක් දිනා ගනිමින් කටයුතු කළ යුතු වුව ද,දැනට දකුණු ආසියානු පාපන්දුව තුළ වැඩිපුර ලෝක පාපන්දුවේ හොඳ හිත දිනා ගැනීමේ හැකියාව ජස්වර් අමාර් විසින් අත් කරගෙන තිබෙනවා.


ඒ තත්ත්වය මත මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරගාවලිය දකුණු ආසියානු පාපන්දුවේ ඉදිරි ගමන හසුරුවන්නට සෙසු රටවලට ද මඟ පෙන්වන මාර්ග සිතියමක් ලෙස හැඳින්විය හැකියි.මේ මාර් ග සිතියමේ පළමු තත්පරයේ සිට විඳ ගැනීමට ලාංකේය පාපන්දුලෝලීන්ට ලැබෙන අවස්ථාව වෙනුවෙන් සැප්තැම්බර් 6 – සහ 9 දෙදින තුළ සාක්ෂිකරුවන් වෙන්නට ලාංකේය පාපන්දු ලෝලීන්ට ලැබෙන අවස්ථාව ප්‍රබල සමරුවක් වනු ඇත.


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුජාන් පෙරේරා ය. පුහුණුකරු වන්නේ කුවේට් ජාතික අබ්දුල්ලා අල්-මුටේරි ය. මාලදිවයින් නායකයා අලි සමූ වන අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මොහමඩ් සියාස් ය.ශ්‍රේණිගත කිරීම්වල ඉලක්කම්වලට තරග බලනොපාන නමුත් දකුණු ආසියානු පාපන්දුව සම්බන්ධ ස්වීය පෞරුෂය සුරක්ෂිත කර ගැනීම සඳහා දෙපිළ විසින් ඇති කරන තරගය පාපන්දු ලෝලීන්ට මහත් ආස්වාදයක් දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...

අද තරගයට චාමික…?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ...