ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට ආන්දෝලනයට ලක්වූ බහාලුම් 323 සහ කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙන්වන ලද, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සහිත මිද්දෙනියෙන් හමුවූ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලීසිය පවසයි.

“2025 වසරේ බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යම් මතයක් සමාජයේ ගියා. නමුත් මේ බහාලුම් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ බහාලුම්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. මොකද හේතුව ඒ බහාලුම් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් පැවත් වනු ලැබුවා. මේ ඒ අනුගත වුණු අංකවලට පරිබාහිර වෙනත් බහාලුම් දෙකක්. ඒ නිසා ඒ බහාලුම් 323ට මේ බහාලුම් දෙක කිසිදු සබඳතාවක් නැහැ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...