අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් ඇල්ල – වැල්ලවාය මාර්ගයෙන් හඳුනා ගැනේ: ඒ පිළිබඳ විශේෂ අධ්‍යයනයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :

මේ වන විට ඇල්ල – වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි, බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස්. එස්. හෙන්නායක මහතා සඳහන් කළේය.

එම ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවත්, එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩ කිරීම ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, පිළිසකර කෙරෙන මාර්ග ප්‍රමාණය, කිලෝමීටර 26 ක් වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ අනතුරු අවම කිරීමට වෙන්කර ඇති රුපියල් මිලියන 700 ක ප්‍රතිපාදන ඒ සඳහා යොදා ගැනෙන බව සඳහන් වේ.