අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වසරක කාලයක් තුළ ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන ලෙස ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

විදේශ සබඳතා ඇති බවට පාරම් බෑ රනිල් වික්‍රමසිංහලාට ඩොලර් මිලියන සීයක් දෙසීයකට වඩා ගෙනෙන්න බැරි කාලයක, සජිත් ප්‍රේමදාසලාට ටිලිෆෝන් කෝල් දීම හැර ඩොලර් මිලියන 25ක් ගෙන්න ගන්න බැරි කාලෙක වත්මන් ආණ්ඩුව අලුත් කණ්ඩායමක් ලෙස පළමු වසර තුළ ඩොලර් බිලියනයක් රටට ගෙනවිත් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මේ සැප්තැම්බර් 21ට අවුරුද්දක් වෙනවා. ගිය ඔක්තෝම්බර් ඉඳල මේ ඔක්තෝම්බර් වෙනකොට හරියටම ඩොලර් බිලියන 1.015ක් සරළව ගත්තොත් ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අත්සන් කරපුව නෙවෙයි රියලයිස් වෙච්ච ඒවා. අපි හිතනවා අපි ආණ්ඩුවක් වශයෙන් සැප්තැම්බර් 21 ජනාධිපතිතුමා ජයග්‍රහණය කළාට ආණ්ඩුවක් වශයෙන් අපිට ක්‍රියාකාරීව කටයුතු කරන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුව පිහිටුවල නොවැම්බර් 14න් පස්සේ. ඒ මාස දෙක පැත්තක තිබ්බත් බිඳ වැටුණු රටක, ආර්ථිකය නන්නත්තාර වූ රටක විදේශ සබඳතා තියෙනවා කියල මහලොකුවට පාරම්බාපු රනිල් වික්‍රමසිංහලාට ඩොලර් මිලියන සීයකට දෙසීයකට වඩා ගේන්න බැරි කාලෙක. සජිත් ප්‍රේමදාසට ටෙලිෆෝන් කෝල් දෙන්න පුළුවන් වුණාට එක ඩොලර් මිලියන 25ක් ගෙන්න ගන්න බැරී කාලෙක තමයි අපි අලුත්ම කණ්ඩායමක් ලෙස ඇවිල්ලා මේ පළමුවෙනි අවුරුද්දේ ඩොලර් බිලියන එකක් ගෙනත් තියෙන්නේ. ඒකට හේතුව කාර්යක්ෂමතාවය, කැපවීම, අදුෂිත බව,දක්ෂතාවය.ඒක පිළිගන්න බැරි කුහක කණ්ඩායමකුත් මෙතන ඉන්නවා. අවශ්‍ය නම ආයෝජන මණ්ඩලයෙන් චෙක් කරගන්නත් පුළුවන්.” යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...

පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල්...

පොලිසියේ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන්...