හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW :

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ලබන 15 දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ බව වාර්තා වේ. ඒ, රුපියල් මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපළ ආයතා ලෙස අත්පත් කරගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරූ නඩුවකි.

අද (10) දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන මේ වන විට භාරදී තිබෙන බවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන ගණනාවක් මේ දක්වා ලබාදී නොමැති බවයි. මෙහිදී විනිසුරුවරිය අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නේ අදාළ ලේඛන විත්තියට ලබාදී තිබේදැයි හරිහැටි පරීක්ෂා කර ඊළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

එම ලේඛන මේ දක්වා ලබාදී නොමැති නම් ඒවා විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් අධිකරණය විසින් අල්ලස් කොමිසමට දන්වා සිට ඇති අතර, අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කර කාලසමාවේදී අයථා ලෙස රුපියල් මිලියන 97 කට ආසන්න බැංකු ගිණුම් ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...