කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රජය 2024 වර්ෂය සඳහා පමණක් රු නවකෝටි අසූපන්ලක්ෂ හතළිස් අටදහස් අටසිය තිස් නවයක මුදලක් වැය කර ඇති බව අද (10) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම වැය ප්‍රමාණයන් සභාවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව 2024 වර්ෂය තුළ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය වෙත විසි හය ලක්ෂ අසූ පන්ලක්ෂ හත්සිය අනූවක වැය බරක් දරා තිබේ.
විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එක්කෝටි දාසය ලක්ෂ හැටහතර දහස් තුන්සිය හතළිස් අටක මුදලක් , විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පන්කෝටි හතලිස් හයලක්ෂ පනස්දෙදාස් නවසිය අනූවක්, විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්කෝටි පනස්හත් ලක්ෂ හැත්තෑදෙදාස් හාරසිය පනහක්, විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්කෝටි දෙලක්ෂ විසිදෙදාස් අටසිය අසූ එකක්, විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිස්හතර ලක්ෂ අනූ දෙදාස් තුන්සිය නවයක් වශයෙන් රුපියල් නව කෝටි අසූපන් ලක්ෂ හතළිස් අටදහස් අටසිය තිස් නවයක මුදලක් රජය වැයකර තිබේ.
එම වැය දරා ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතට ගැනෙන කාරණා වෙනුවෙන් වන අතර අද දින ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පවතී අතර එය වැඩි ජන්ද 150කින් සම්මත විය.
ආශිකා බ්‍රාහ්මණ
