මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) දිනයේදී විජේරාම නිල නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි තම නිවස කරා යාමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150කින් සම්මත වූ තත්වය යටතේ ය. හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබිණු නිල නිවාස ඇතුළු වරප්‍රසාද ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර තිබිණි.

ඒ අනුව, හෙට පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව සඳහන්.

ඉන් අනතුරුව දහවල් 12.00 – 01.00 පමණ වන විට ඒ මහතා විජේරාම නිල නිවසින් තංගල්ල බලා පිටත්වීමට නියමිත බවත් ඒ මහතා තංගල්ලට පැමිණෙන විට පිළිගැනීම සඳහා විශාල පිරිසක් එහි රැස්වීමට නියමිත අතර ඊට අදාළ කටයුතුත් මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...