මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) දිනයේදී විජේරාම නිල නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි තම නිවස කරා යාමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ, හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150කින් සම්මත වූ තත්වය යටතේ ය. හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබිණු නිල නිවාස ඇතුළු වරප්‍රසාද ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සකස් කර තිබිණි.

ඒ අනුව, හෙට පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව සඳහන්.

ඉන් අනතුරුව දහවල් 12.00 – 01.00 පමණ වන විට ඒ මහතා විජේරාම නිල නිවසින් තංගල්ල බලා පිටත්වීමට නියමිත බවත් ඒ මහතා තංගල්ලට පැමිණෙන විට පිළිගැනීම සඳහා විශාල පිරිසක් එහි රැස්වීමට නියමිත අතර ඊට අදාළ කටයුතුත් මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...