ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහලම විශ්වාසවන්තයකු වූ කොන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක් වෙඩිතබා ඝාතනය කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරිකයකු වූ ද ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහලම විශ්වාසවන්තයකු හා ප්‍රසිද්ධ කථිකයෙකු වූ 31 හැවිරිදි චාලි කර්ක් ඊයේ(10) දිනයේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

චාලි කර්ක් විසින් උටා නිම්න විශ්ව විද්‍යාලයේ එළිමහන් සාකච්ජාවක් අතරතුර බෙල්ලට වදින ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

චාලි කර්ක් ඇමරිකා එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 18 දී ඇමරිකා එක්සත් ජනපදයේ කොන්සර්වේටිව් කණ්ඩායමක්වන ටර්නින් පොයින්ට් ආරම්භ කළ අතර ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට සමීප පුද්ගලයෙකි.

මේ සමබන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, චාලි ශ්‍රේෂ්ඨ පුරාවෘත්තයක්වන බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ චාලිට වඩා තරුණ හදවත කිසිවෙකු තේරුම් ගෙන නැත හෝ දැන සිටියේ නොමැති බවත්, ඔහුට සියලු දෙනා විශේෂයෙන් මා විසින් ආදරය කරන ලද අතර අගය කරන ලද බවත්, දැන් ඔහු තවදුරටත් අප සමඟ නොමැති බවත්, මෙම අවස්තාව ඇමරිකාවට අඳුරු මොහොතක්වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...