සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇති බවත් එම ප්‍රකාශයෙන් එම මැතිනියට සිත් රිදවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් පළකර ඇති සටහන පහතින් දැක්වේ.


ලක්මාලී සමාවෙන්න !!

ඊයේ දින (10) පාර්ලිමේන්තුවේදී මා විසින් කරන ලද ප්‍රකාශයක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට පුද්ගලිකව අපහාස වන ලෙස හුවමාරු වූ බව මම නිරීක්ෂණය කළෙමි.

මම දේශපාලනය කරන්නේ සදාචාරාත්මක ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මතය. විරුද්ධ මත පළකරන අය සමඟ ගැටෙන්නේද ඒ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක්ය, කිසිවිටෙකත් පුද්ගලික කරුණු මත නොවේ.

අද පාර්ලිමේන්තුවේදී මගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් විමසීම හා මගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීම නිසා ඇතිවූ ආවේගය මත මා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී. එමගින් ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියට සිත් රිදවී ඇත්නම් ඒ පිළිබඳව මම කණගාටුවට පත්වන අතර මගේ හෘදයාංගම සමාව ද පළ කරමි.

ආදරණීය සමඟි ජන බලවේගයේ හිතවතුන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ප්‍රකාශය පෞද්ගලික කරුණක් ලෙස නොව, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සලකා බලන ලෙසයි.

~ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...