නි. ඇමති අරුණ ජයසේකර නිසා පාර්ලිමේන්තුවේ එකම ගාලගෝට්ටියක්. සභාවත් කල් තියයි!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තබා තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බවට ඊයේ (10) දිනයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබූ අතර, එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසයි.

ඊයේ දිනයේ තත්ත්වය එසේ වන විට අද (11) දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ සිටියහ.

විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළ අතර විශ්වාසභංග යෝජනාව පිළිනොගන්නේ අරුණ ජයසේකර මහතාට අදාළව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැරූ තනතුරේ කරුණු කාරණා හෙළිදරව් වීම හේතුවන් යැයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

වඒ අනුව අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිනොගැනීමට දේශපාලන තීන්දුවක් ගෙන ඇති බවත් එසේ නොකරන ලෙසත් රහුමාන් මහතා අවධාරණය කළේය.

මෙහිදී පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාසභංග යෝජනා විවාදයට නොගත් අවස්ථා පිළිබඳ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කරුණු දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගැනීම නිසා සභාව කල්තැබීමට කතානායකවරයා කටයුතු කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...