අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සම්පත් රත්නායක සහ එහි හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලික බදු පදනම මත ලබා දීමේදී නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5 කට අධික මුදලක් පාඩු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...