අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සම්පත් රත්නායක සහ එහි හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලික බදු පදනම මත ලබා දීමේදී නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5 කට අධික මුදලක් පාඩු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...