ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

Date:

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය කළ ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය තේමාව යටතේ වන ජාත්‍යන්තර සමුළුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින කොළඹදී පැවැත්විය.

සමුළුවේදී දේශගුණ විපර්යාස හමුවේ සත්‍රීන් මුහුණ දෙන ගැටළු පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබුණු අතර විශේෂයෙන් නියගය, ගංවතුර, පෝෂණ ඌණතා, සමුද්‍ර ඛාදනය වැනි තත්ත්වයන් හමුවේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී කාන්තාවන් මුහුණදෙන ගෝලීය ගැටළුකාරී තත්ත්වයන් සාකච්ඡාවට ගැනුණි.

සමුළුවේ ප්‍රධාන ආරාධිත හා දේශක ලෙස සහභාගි වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිසරයට හා කාන්තාවන්ට බලපාන කරුණු උපුටා දක්වමින් කිසිවෙකු අත් නොහැර ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් කරා ගෙනයන මාර්ග සිතියම පිළිබඳ සමුළුව දැනුවත් කරනු ලැබීය. දරුවා සහ සොබාදහම යන තේමාව යටතේ දීපව්‍යාප්තව පවත්වන්නට යෙදුන කෙටිකතා තඟාවලියේ ජයග්‍රාහයන් හට සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රධානයද එහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය එම්.ජී.ටී.එස්. අමරසේකර මහතා සහ ස්ත්‍රීපුරුෂ භාවය හා දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂඥ රෂ්මිනී ද සිල්වා මහත්මිය, නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදන්මේ සමාජික සාමජිකාවන්, තරුණ තරුණියන් හා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...