ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් – ලෝක බැංකුව පවසයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW :

ලෝක බැංකුව නවතම වාර්තාවේ දැක්වෙන්නේ, ලොව වේගයෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බවයි.

තවද, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවද එහි දැක්වේ.

ඊයේ (10) ප්‍රසිද්ධ කළ ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇති බවත්, එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% කට ආසන්න ප්‍රමාණයකට සමාන බවත්ය .

එහි දැක්වෙන්නේ, 1980 සිට ලොව පුරා රටවල් 123 ක සමාන ප්‍රයත්න 330 කට වඩා සසඳන විට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මෙම ගැලපීම තියුණු හා වේගවත් බවයි.

ලෝක බැංකුවේ සාමාජික රටවල් වෙනුවෙන්, සෑම වසර පහකට වරක් පවත්වනු ලබන මූලික විනිශ්චයක් වන මෙම සමාලෝචනයේ නිගමනයක් වන්නේ, සියලු ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය මූල්‍ය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, ශ්‍රී ලංකාව සුදුසු ස්ථානයක සිටින බවත් එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...