ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් – ලෝක බැංකුව පවසයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW :

ලෝක බැංකුව නවතම වාර්තාවේ දැක්වෙන්නේ, ලොව වේගයෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බවයි.

තවද, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවද එහි දැක්වේ.

ඊයේ (10) ප්‍රසිද්ධ කළ ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇති බවත්, එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% කට ආසන්න ප්‍රමාණයකට සමාන බවත්ය .

එහි දැක්වෙන්නේ, 1980 සිට ලොව පුරා රටවල් 123 ක සමාන ප්‍රයත්න 330 කට වඩා සසඳන විට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මෙම ගැලපීම තියුණු හා වේගවත් බවයි.

ලෝක බැංකුවේ සාමාජික රටවල් වෙනුවෙන්, සෑම වසර පහකට වරක් පවත්වනු ලබන මූලික විනිශ්චයක් වන මෙම සමාලෝචනයේ නිගමනයක් වන්නේ, සියලු ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය මූල්‍ය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, ශ්‍රී ලංකාව සුදුසු ස්ථානයක සිටින බවත් එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...