කප්පම් නඩුව : ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 65ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීම සම්බන්ධ නඩුවේදී මහාධිකරණය විසින් තමන්ට නියම කළ අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඒ මහතාගේ නීතිඥවරු විසින් ඊයේ (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ, එම අභියාචනය මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ප්‍රසන්න රණතුංගට නියම කර ඇති රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට කල් ලබාදුන් විනිසුරු මඬුල්ල, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රුසිරු විය හද බිම්- පිරෙනු නැත- ඔබේ හිස්තැන- මාලිනී“

සැප්තැම්බර් 12, කොළඹ (LNW): මාලිනී අක්ක ට මම කිව්වෙ මයෙ...

රු,10,000ක් නිසා කොස්තාපල් කරගත්ත හරිය!

කොළඹ LNW: රු.10,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක්...

පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස් රැසක්!

කොළඹ LNW:සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත්...