වී වගාවේ පිරිවැය අදටත් වැඩියි. ඉහළ අස්වැන්නක් සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වුවත් වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් බවත් රට තුළ සහල් අතිරික්තයක් තිබුණත් අපි අදටත් සහල් ආනයනය කරන බවත් මෙය ජාතික ඛේදවාචකයක් බවත් වත්මක් රජය නිර්මාණය කරනවා කියු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩදාසියට පමණක් සීමා නොකර මහ පොළොවේ යථාර්ථයක් කරන ලෙසත් එසේ කරන තෙක් ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෘෂිකර්මාන්තයේ වී වගාව කේ්න්ද්‍රීයව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මේ වන විට අප සිතිය යුත්තේ වී වගාවේ ඵලදායීතාව අඩුවීමට බලපෑ හේතු කවරේද කිියා බවත් පසුගිය කාලයේ අප රටේ වී නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමේ ඇති අවස්ථාවේ රසායනික පොහොර තහනමක් පැමිණි බවත් ඒ වන විට වී නිෂ්පාදනය 34% ක පහළ වැටීමක් සිදු වූ බවත් පොහොර භාවිතය නිර්දේශ වූ ප්‍රමාණයට වඩා 35%ක් අඩුවෙන් අදටත් භාවිත වන බවත් මේ නිසා ඊළග කන්න කිහිපයේ හෝ නිර්දේශිත ප්‍රමාණයෙන් පොහොර යෙදවීමට ගොවියා පොළඹවා මුල්‍ය ශක්තිය ලබා දීම රජයේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා ව්‍යාප්ති සේවා හරහා එය සොයා බැලිය යුතුු බවත් පෙන්වා දුන්නේය.

සහතික මිල අදටත් ගැටලුවක්

එසේම සහතික මිල ගැන ගැටලුවක් ඇති බවත් රු. 120ක සහතික මිලක් දෙන බව කිව්වත් මෙය සහතික මිල ලබා දීමක් නොව සහතික මිල පාලනයක් බවත් කිසිදු රජයක් කවදාවත් සම්පූර්ණ අස්වැන්න නොගන්නා බවත් අස්වැන්න මිල දී ගන්නේ ⁣සීමිත ප්‍රමාණයක් බවත් එය මිල පාලනයට බවත් මේ ස්ථාවර මිල රු 140-150 විය යුතුයි කියා රජයේ ඇමතිවරුන්ම මීට පෙර කියූ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි

පාර්ලිමේන්තු අණපනත් හරහා මේ සහතික මිල නීතියක් කරනවා කිව්වත් එය නොවු බවත් පිරිවැය ගැන කිය කිය සිටියත් බීජවල සිට යෙදවුම් තෙල් පොහොර උපකරණ මිල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල මිල නිසා ගොවියාට සාධාරණයක් ඉටු නොවන බවත් මේ නිසා ඒකාධිකාරය බිද වට්ටවා කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ දේවල් රජය කළ යුතු බවත් අද කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම මූල්‍ය ශක්තිය ද ලබා දිය යුතු බවත් ඊට අමතරව අගය දාමයේ ප්‍රධාන ක්‍රියකරුවන් නිසි කළමනාකරණය කළ යුතු බවත් වී වගාවට අවශ්‍ය සහතික බීජ වීවල හිඟයක් ඇති බවත් දැනට 16%ක් සපයන එක 25% දක්වා ඉහළ දමා හොද ප්‍රභේද බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරන්න

නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නෙදර්ලන්තයේ මෙන් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගත යුතු බවත් ඒ වෙනුවෙන් පොහොර සහනාධාරය ප්‍රමාණවත්ව වේලාවට ලබා දිය යුතු බවත් සත්‍ය කතා කළොත් පොහොර සහනාධාරයට ලබා දෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවන බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙට්‍රික් ටොන් 350000ක ගබඩා පහසුකම් තිබුණත් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගබඩා පහසුකම් වැඩි කළ යුතු බවයි.

අලි මිනිස් ගැටුමට විසදුම් අවශ්‍ය යි

ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් දිය යුතු බවත් මේ ගැටුමට විසදුම් ලබා දී වගා හානි ජීවිත හානි දේපල හානි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමස්ත කෘෂිකර්මාන්ත චක්‍රය තුළ විවිධ අවස්ථා වලදී නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ජාතික වගා සැලසුමක් ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර සංස්ථාව අනතුරක? (VIDEO)

කොළඹ LNW: වත්මන් රජය විසින් වසා දැමීමට යන ආයතන...

එළැඹෙන වසරට මුළු පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයෙන් ප්‍රදානය කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW : රජයේ හා රජයේ...

එළැඹෙන 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම නොවැ. 07 දා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW : එළැඹෙන 2026 වර්ෂයට...

“රුසිරු විය හද බිම්- පිරෙනු නැත- ඔබේ හිස්තැන- මාලිනී“

සටහන - බන්දුල නානායක්කාරවසම් සැප්තැම්බර් 12, කොළඹ (LNW): මාලිනී අක්ක ට...