රටේ පොඩි දැරියන් සිහින දකින්නේ කවදාහරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ වෙන්නයි – අගමැති හරිනි

Date:

පාර්ලිමේන්තුව නරඹන මෙරට කුඩා දැරියන් සිටින දකිමින් සිටින්නේ ලක්මාලි හේමචන්ද්‍ර සහ තමන් ඇතුළු තම මන්ත්‍රීවරියන් 20 දෙනා වගේ වීමට බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම සිහිනයට තර්ජන එල්ල කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“ඊයේ ගරු කථානායකතුමනි, මේ සභාවේ අපේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ඉතාමත්ම තර්ජනාත්මක විදියට විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කියලා කියාගන්න මන්ත්‍රීවරයෙක් කතා කළා. මම ඒක මතු කරන්නෙ මෙන්න මේ හේතුවට. මේක ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට පමණක් කරන තර්ජනයක් හැටියට නෙවෙයි මම ඒක සලකන්නෙ. ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් මේ දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තිබෙන පාර්ලිමේන්තුවක් මේක. එවැනි අවස්ථාවක මේ විදියට … ඒක මම දකින්නෙ ප්‍රචණ්ඩත්වය. ඒක නිකම් මෙතන වචනවලට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඔය සංස්කෘතිය පරාජය කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නෙ. අපි මහන්සිවෙලා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් 22 දෙනෙක් පත්කර ගත්තා, ඒ 22 දෙනා නියෝජනය කරන්නෙ මේ රටේ කාන්තාවන්. ඔබතුමා දන්නවා මේ රටේ කාන්තාවන්ට මුහූණ දෙන්න වෙලා තියෙන ප්‍රචණ්ඩත්වය. ඕවා පටන් ගන්නෙ ඔය වගේ වචනවලින්. ඕවා පටන් ගන්නෙ ඔය වගේ වචනවලින් ගැහැණුන්ව යටත් කරගන්න උත්සාහ කිරීමෙන්. මේක තමයි පීතෘමූලික සමාජයක ඒ සංස්කෘතියේ කැතම එක. දක්ෂ මන්ත්‍රීවරියකගේ දක්ෂතාවය අභියෝගයක් වෙලා තියෙනවා මේ මන්ත්‍රීවරුන්ගේ පිරිමිකමට. ඒකයි මෙතන ප්‍රශ්නෙ. මේ රටේ කාන්තාවනුත් දිගින් දිගටම මුහුණ දෙන ප්‍රශ්නය ඕක. අපේ මන්ත්‍රීවරියන් දිහා බලන් ඉන්න පොඩි දැරිවියන්, ඔවුන් හිතන්නෙ කවදාහරි ඔවුන්ටත් ලක්මාලි හේමචන්ද්‍ර වගේ, සමන්මලී ගුණසිංහ වගේ, කෞෂල්‍යා ආරියරත්න වගේ, සරෝජා පෝල්රාජ් වගේ, අපේ මේ ඉන්න 20 දෙනා වගේ වෙන්න කවදාහරි ඔවුන් සිහින හදමින් ඉන්නෙ. ඒ සිහිනවලට තමයි අර තර්ජනය එල්ල කරන්නෙ”

අගමැති හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරයේ අවසානයේ ඉතිරිව ඇත්තේ කුමක්ද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය ගාසා නගරයේ...

රටේ ආර්ථිකය ස්ථාවරයි. දැන් තියෙන්නේ කළමනාකරණය!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්...

මහින්දට කරපු වැඩේට අපිත් ගේමක් ගහනවා – දිලිප් වෙදආරච්චි

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති...

ධීවර සංස්ථාව අනතුරක? (VIDEO)

කොළඹ LNW: වත්මන් රජය විසින් වසා දැමීමට යන ආයතන...