චීන තානාපති අද රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා (Qi Zhenhong) අද (12) දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, අද පෙරවරු 10.00ට කොළඹ, මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්.

චීන තානාපතිවරයා ඊයේ (11) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ද හමුවී තිබිණි.