ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීම වැඩි කරමින් පරාජයට පත් වීම

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 12, කොළඹ LNW:

අවුරුදු 23 න් පහළ ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන ලද තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවන තරගයේදී සත්කාරක කිර්ගිස්තාන කණ්ඩායම ඉදිරියේ ගෝල 6-0 ක් ලෙස පරාජයට පත්වීමට සිඳු විය.මීට ප්‍රථම උස්බෙකිස්තානය ඉදිරියේ 4-0 ක් ලෙස සහ පලස්තීනය ඉදිරියේ 5-0 ක් ලෙස පරාජයට පත් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තරගය වන විට එම පරාජය වීමේ ප්‍රවනතාව 5-0 ක් බවට පත් කර ගෙන සිටීම අවාසනාවන්ත තත්ත්වයක්ය.


තෙවන තරගයේදී දැල රකින්නා නොවන්නට අඩුම තරමේ තවත් ගෝල 6ක් වත් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වන්නට තිබිණ.මෙවැනි ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී ගෝල ප්‍රමාණය සළකා පරාජයේ හේතුව ගෝල රකින්නාගේ දුර්වලකමට බැර වුව ද,එහෙත් තරගය නරඹා අදහස් දැක්විය හැකිනම් එහි විශාල ප්‍රමාණයක් සමස්ත කණ්ඩායමේ දුර්වලකම දැරිය යුතු බව වටහා ගන්නට හැකියාව ඇත.


මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණය කිරීමට වඩා ආරක්ෂාව වැදගත් යන සංකල්පයෙන් තරග වැදිණ.ඒ නිසාම ඔවුන් විශාල පිරිසක් යොදා ගෙන සිය දැල අසළට වෙන්නට රැදී සිටියේය.ඒ නිසාම කිර්ගිස්තාන ආක්‍රමණයට පහසු විය.ඔවුන් නිරන්තරයෙන් සිය ගෝල ඉලක්කය ආසන්නයේ ක්‍රීඩා කරන්නන් බවට පත් විය.ශ්‍රී ලංකාව ඔවුන්ට සිය දැල සීමාවට ආරාධනා කරන ස්වරයෙන් ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් හැකිනම් ගෝල ලබා ගන්නට යැයි අභියෝග කරන තත්ත්වයක් පෙන්නූ අතර කිර්ගිස්තානය එයින් උපරිම පල නෙලා ගත්තද,පළමු අර්ධයේදී එම තත්ත්වය දැල අසළ රොද බැඳ සිටියත් නිසි අවධානයෙන් නොසිටීම නිසා දැලට එන පන්දුව රැක ගැනීමේ වැඩි වගකීම දරන්නට සිඳු වූ දැල රකින්නාගෙන් කිර්ගිස්තානයට ලැබුණේ ගෝල 2 ක් පමණි.


දෙවන අර්ධයේදී තවත් ගෝල 4 ක් ශ්‍රී ලංකාවට එරෙහිව එකතු විය.ඒ සඳහා වන දිය වී යාම තව දුරටත් ශ්‍රී ලංකා ආරක්ෂක පෙළින් දකින්නට ලැබුණු අතර තරගය පුරාවටම ශ්‍රී ලංකාව පෙන්නුම් කලේ ගෝල රැස් කිරීමේ උවමනාවක් වෙනුවට ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදීමේ උවමනාවය.ඒ උවමනාව වෙනුවෙන් දැල රකින්නට වැඩි පිරිසක් යොදා ගත්ත ද එය කිර්ගිස්තානයට දැල ආක්‍රමණයට ආරාධනාවක් විය.
තරගය පහත සබඳතාවයෙන් නැරඹිය හැකිය.
https://bit.ly/4nnnqgJ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...