නාමල් මැලේසියාවේ සංචාරයක. අද ලංකාවට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මැලේසියාවේ සංචාරයක නිරත වී සිටින බව වාර්තා වේ.

පෞද්ගලික සංචාරයක් සඳහා ඒ මහතා සිය බිරිඳත් සමග මෙසේ මැලේසියාවට ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ඒ මහතා අද (12) දිනයේදී යළි මෙරටට පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.