කොළඹ LNW: රු.10,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (11) පස්වරුවේ කාර්තිවු පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් අකරණ ලද පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා අම්පාර කාර්තිවු පොලිස් ස්ථානයේ රාජකාරී සිදුකර ඇත.
පැමිණිලිකරුගේ ආදායම් බලපත්‍රය නඩුවක් නොපවරා යළි ලබා දීම වෙනුවෙන් සැකකාර කොස්තාපල්වරයා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙයි.
සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආශිකා බ්‍රාහ්මණ


