එළැඹෙන 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම නොවැ. 07 දා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW :

එළැඹෙන 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම 2025 නොවැම්බර් 07 වනදා සිදු කිරීමට තීරණය කර ඇත,

ඒ අනුව නොවැම්බර් 08 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 07 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම හෙවත් අයවැය කථාව සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව නොවැම්බර් මස 08 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා දින 06ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙන අතර, නොවැම්බර් මස 14 වනදා පස්වරු 06.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත් වීමට නියමිතයි. දෙසැම්බර් මස 05 වනදා පස්වරු 06.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ද එකඟතාවය පළ වී තිබෙන බව පැවසේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.

තවද, කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙරවරු 09.30ටත්, සෙසු සෑම දිනකම පෙරවරු 09.00ටත් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙලිය...

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...