කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වාසය කරන ලද කොළඹ විජේරමේ නිල නිවසින් ඊයේ ඉවත් වූ අතර ඔහු යළි සිය කාල්ටන් නිවස වෙත ගියේය.
ඒ අනුව ඊයේ දිනයේදී උදෑසන කාලයේ දේශපාලකයින් මෙන්ම විදෙස් නියෝජිතයින්ද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විජේරාමේ නිල නිවස වෙත පැමිණි අතර එහිදී රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහය පළකර තිබුණි.
පිරිස අතර සිටි දේශපාලකයින් කිහිප දෙනෙක්ම මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ සිටියේය.
එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙදආරච්චි මහතා පැවසුවේ ”මහින්දට කරපු අසාධාරණයට මුළු ලෝකයම හිනා වෙනවා. අපි එකතු වෙලා ගේමක් ගහනවා. බලමුකෝ” යනුවෙනි.
ආශිකා බ්‍රාහ්මණ
