වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බි.18 ක ලාභයක් ලබයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW :

වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18 ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.

එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවත්, ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමටද පියවර ගන්නා බව ත් එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.