රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වේ. ඒ, නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27 අධික වටිනාකමකින් යුත් වත්කම්  උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපල උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

මෙලෙස නීති විරෝධී ලෙස අත්පත් කරගත් බව කියන වත්කම් අතර කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි කැපිටල් රෙසිඩන්ස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ රුපියල් කෝටි අටක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් බැගින් වටිනාකම් වලින් යුත් නිවාස දෙකක්, විත්තිකරුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් හතරක්, විත්තිකරුගේ නමින් තිබෙන බැංකු ගිණුම් හතරක් සහ එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු දේපළ ඇතුළත් වන බව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...