*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රගර් හරහා රටට එන පකිස්තාන් ආදරය

ලෝකයේ සුහදත්වය නැතිනම් නැඟිටින්නට නොහැකි තරමට දුර්වලව ඇති රටක දේශපාලනිකව අහිමි කරගෙන සිටින සහයෝගය නැවත ළගා කර ගන්නට මාර්ග සොයන අවස්ථාවක ශ්‍රී ලංකා රගර් සම්මේලනය පකිස්තානයේ ආදරය රට දෙසට හරවන්නට සමත්ව සිටියි.හැකි පමණින් මේ වන විටත් මහන මැෂින් බෙදමින්,පරිගනක බෙදමින් රටේ වැටීම නවතන්නට දුප්පත් ජනතාවගේ සුබ සාධනය ගැන බලමින් මිත්‍රශිලීව කටයුතු කරන පකිස්තානය වඩා පුළුල් මාර්ගයකින් ඒ ආදරණිය සත්කාර්යයට සමීප කරන්නට ශ්‍රී ලංකා රගර් සමත් වි ඇත.

මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්වරයා ය.ඔහු රගර් විලාසිතාවේ හැඩයට කැමතිවීම ලංකාවේ රගර් ක්‍රීඩාවට ආශිර්වාදයක් කර ගැනීමේ සූක්ෂමතාවය ශ්‍රී ලංකා රගර් සභාපති රිස්වි ඉල්ලියාස් සතුව තිබිණ.රගර්වලින් පකිස්තානයට බොහෝ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව රටක් හැටියට පකිස්තානයට පිටුපසින් සිටින මොහොතක රගර් ද තිබෙන්නේ පකිස්තානයට ද පසුපසට ඒමේ අවධානමකය.රටේ ඇත්ත තත්ත්වය එබඳුය.ක්‍රීඩාව ප්‍රවර්ධනයට,ව්‍යාප්තියට අලුත් දක්ෂයන් සොයා යාමට සහ පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයට රටේ සමස්තය මුහුණ දි ඇති අවස්ථාවක රගර් අලුත් පාරකින් රගර් ඉහළට ඔසවන්න දරණ වෑයම වෙනත් මොහොතකට වඩා අතීශයින් වැදගත්ය.

රගර් සම්මේලන උප සභාපති උදය නානායක්කාරද මේ පාර තනා ගැනිම සඳහා වත්මන් සභාපතිවරයා දැක් වූ වෙහෙස ගැන ඉහළින් වනමින් පකිස්තානයේ අතීත මිතුරු සබඳකම් ද සිහි කරමින් ඔහු නාවික හමුදා නිලධාරියෙකුව පකිස්තානයේ ලද පුහුණුව ද සිහිපත් කළේ ඒ මිත්‍රත්වයේ ඉතිහාසය ඔස්සේ තව දුරට යන්නට ඉඟි සපයමින්ය.

පකිස්තානය රගර් ක්‍රීඩාවේ ආදරය අවැසිම තැනකට එය පුද දෙන්න ඉදිරිපත් වි ඇත.ලංකාවේ ප්‍රාදේශීය රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාව එහි ගැබ්ව ඇත.ඒ අනුව පළමු මොහොතේ ඒ ආදරයේ උණුසුම විඳින්නේ වයඹ,දකුණ සහ බස්නාහිරය.වයඹ සහ දකුණ මේ මොහොතේ පළාත් සංගම් හැටියට නැඟෙමින් ජාතික තලයේ රගර් ක්‍රීඩාව හා ඇමිණෙන්න පාරවල් හොයන්න උනන්දු වෙන පරිපාලනයන්ය.ඒ නිසා පකිස්තානයේ සෙනෙහසින් පැවත්වෙන පළාත් තරගාවලියේදි ඔවුන් ජාතික තලයට සිය පළාත ඔසවා තැබීමේ මාවත් අලුතින් දකිනවා සැක නැත.බස්නාහිර යනු ලංකාවේ රගර් ව්‍යාප්තියේ බහුතරය අත්පත් කරගෙන සිටින තැනකි.එහෙත් එහි කාන්තා රගර් ක්‍රීඩාව විශ්ව විද්‍යාල මට්ටමෙන් ව්‍යාප්ත කර ඔළුවයි සිරුරයි අලුත් නැගිටීමකට අවශ්‍යය බව තේරුම් අරගෙන වැඩ කිරීම යහපත්ය.වැඩක් පටන්ගන්න තැන සිරුර තරමටම මනස ද බුද්ධියද වැදගත් බැවින් බස්නාහිර පළාත් විශ්ව විද්‍යාල තරුණියන් රගර් වෙත ආශක්ත කර ගැනීමේ උත්සාහය සමස්ත කාන්තා රගර්වලට මෙන්ම සමස්ත රගර් පරිපාලන අනාගතයට ද කාන්තාවන්ගේ බුද්ධිය සමීප කරවන මාර්ගයක් වන්නට ඇති ඉඩ විශාලය.

“පකිස්තානය තැන තැනට යයි.අපේ රට වගේම රගර් ක්‍රීඩාවත් දකියි.ක්‍රීඩකයන්ගේ ජීවිතත් දකියි.ඒ සියල්ලට උදව් කරන මාර්ග ගැන අපට කතා කරන්න පාරවල් හැදෙයි.”

සභාපති රිස්ලි ඉල්ලියාස් LNW වෙත පැවසුවේ ක්‍රීඩකයා ශක්තිමත් කිරීම තුළින් ක්‍රීඩාව ශක්තිමත් වනු ඇති බව පසක් කරමින්ය.අපි රගර් අනුග්‍රාහය සොයද්දි පවා රගර් හි මුදල් සංචිතය ශක්තිමත් කර ැතබීම ගැන අවධානය යොමු කරන්නේ ඒ නිසයි.අනුග්‍රාහකයාගේ ආදරය සැබෑවට ළඟා කර ගැනීමයි වැදගත්.ක්‍රීඩාව තුළින් අනුග්‍රාහකයා පිනවන්න ඕනි ක්‍රීඩාව පොහොසත් වෙන්නත් ඕනි.අපි පැවති අන්‍රගාහක සංස්කෘතිය වෙනස් කරලා විකාශන අයිතිය වැනි දේ වෙනත් තැනෙක පිහිටෙව්වෙ දෙපැත්තම සතුටු වෙන සම්බන්ධයක් අවශ්‍යය නිසා.

රිස්ලි අපට පවසන කතාවේ ඊළඟ පරිච්ඡේදය මේ වෙනස්කම්වලට ලැබුණු රගර් තහනමක් වූ ලංකාවේ අමුතු ක්‍රීඩා ප්‍රේමී පරිපාලකයන්ගේ ප්‍රතිචාරය.එහෙත් ඒවා නීතිමය තත්ත්වයන්ට යටත් නිසා අපි රිස්ලිව අපහසුවට පත් නොකර ඒ දක්වා ගමන් නොකර නිහඬ වුණෙමු.

නමුත් රටක් හැටියට අපි රගර් ගැන හිතද්දී ශ්‍රී ලංකාව ආසියාවේ සිටින්නේ පස්වන තැනය.ලෝකයේ 47 ය.පකිස්තානය ලෝකයේ 91 වන තැන සිටින බව අවසන් වරට සටහන් කර ඇත්තේ 2020 දී ය.ඔවුන් දැන් යළිත් සිය හමුදා කාණ්ඩයන්ට සහ තරුණයන්ට රගර් හඳුන්වා දෙමින් නැඟීටින්නට උත්සාහ දරන බව පකිස්තානු මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේය.ශ්‍රී ලංකා රගර් වෙත එහිද අලුත් මාර්ග ඇත.පකිස්තානයේ තත්ත්වය අනුව අපේ පුහුණුකරුවන්ට,විනිසුරුවන්ට සිය දායකත්වය පකිස්තානු රගර් ඉහළ දැමිම සඳහා ලබා දෙන්නට අවස්ථාව ඇත.ඒ වගේම අපේ දක්ෂ ක්‍රීඩකයන්ට එහි ජාතික තරගාවලියකට වසර කිහිපයක් යන තුරු හෝ වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයන් ලෙස සම්බන්ධ වන්නට ද මාර්ග ඇත.බොහෝ විට අප සතු මේ යෝජනාව ශ්‍රී ලංකා රගර් වෙත නොමසුරුව ප්‍රදානය කරන්නට අපි නොපැකිළෙන්නේ වැටුණු තැනෙන් දශමයක් හෝ ඉහළ නගින්නට රටට ඇති ඉඩ මහා කන්දක් තරම් විශාලෙට දැනෙන මොහොතක රට තිබෙන බැවිනි.

කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදී සිඳු වූ පකිස්තානු රජය සහ ශ්‍රී ලංකා රගර් අතර විවාහයට සාක්ෂි වෙන්නට ලැබීමේ භාග්‍යය විඳින්නට තව කල් ඇත.වයම,දකුණ හරහා නිරෝගි රගර් සම්පත් පෙළහර පාන දිනයක,කාන්තා රගර් ගැන අලුත් සංවර්ධිත සටහන් දිග හැරෙන දවසක ඒ සාක්ෂියේ සතුට විඳින්නට හැකිය.එසේම ඉදිරයේදී සබරගමුව,උතුරු මැද,ඌව,මධ්‍යම මෙන්ම දැනට සැකසෙමින් තිබෙන නැගෙනහිර පළාතෙත්,සකසන්නට අර අදින උතුරු පළාතේ රගර් ක්‍රීඩාවත් ලංකාවේ රගර් හි නියෝජනයක් වන දවසක ශ්‍රී ලංකා රගර් යනු පළාත් නවයක සමාන රගර් දක්ෂයන්ගේ සටනකින් තෝරන තැනෙකට යා යුතුය.ඒ සඳහා පුංචි පුංචි පියවරද අමිලය.ඒ නිසා පකිස්තානයේ මේ මැදිහත්වීමද මිල කරන්නට අමාරු උපදින අනාගත අභිවෘද්ධියක කළලයක්ය.
එම අවස්ථාවට සහභාගි වූ පකිස්තාන මහා කොමසාරිස්වරයා මෙන්ම නියෝජ්‍ය කොමසාරිස් තන්වීර් අහමඩ්,එම කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරිය අයේෂා අබුකර් ෆාහඩ් ද,ශ්‍රී ලංකා රගර් සම්මේලනය නියෝජනය කරමින් එක් වූ රිස්ලි ඉල්ලියාස් සභාපතිවරයා සහ උප සභාපති උදය නානායක්කාරද,ශ්‍රී ලංකා රගර විධායක අධ්‍යක්ෂ හම්සා හිදයතුල්ලාහ් ද අනාගතයේ දවසක රගර් ක්‍රීඩාවේ ව්‍යාප්ත තරගකාරී තත්ත්වය තුළ ආදරණීය මතකයන් වන්නට තරම් ශ්‍රී ලංකාවේ රගර් ඉහළට එසැවෙනවානම් එය රටකට විදේශ මුදල් සපැමිණෙන හැඩ මඟක් වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan