පොදු ජනතාවට නැති වරදාන වරප්‍රසාද වෙන කිසිවෙකුටත් අවශ්‍ය නෑ – නි. ඇමති ප්‍රසන්න ගුණසේන

Date:

කොළඹ LNW:ජනතාවට නොලැබෙන වරදාන, වරප්‍රසාද වෙනත් කිසිවෙකුටත් ලැබිය යුතු නැතැයි සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ වන විට ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට වෙනස සිදුවෙමින් පවතින අතර වසර ගණනාවක්,දශක ගණනාවක් පොදු ජනතාවගෙන් වෙනස්ව වෙනම ජීව කොට්ඨාසයක් ලෙස කටයුතු කළ ඇතැමුන් ඉන් ඉවත් කර ඉදිරියට දේශපාලනයට පැමිණීමට සිටින අයට පවා පණිවිඩයක් දෙමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ ආර්ථිකය ගැන සිතා ක්‍රියා කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කරයි.

”පරණ ගෙවල්, බංගලා අස්පස්කරගෙන යන්න කාලයක් ගතවෙනවා.හැබැයි දැන් යන්න පිටත් වෙලා තියෙනවා. මේක ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්. අනවශ්‍ය වරදාන,වරප්‍රසාද ලැබිය යුතු නෑ කිසිදු පුද්ගලයෙකුට ජනතාවට නොලැබෙන වරදාන වරප්‍රසාද. අනික අපි ඉන්න ආර්ථික තත්ත්වය ගැන හිතන්න ඕනේ. රටේ තියෙන සමාජ පසුබිම, ආර්ථික තත්ත්වය. හැමදෙයක් ගැනම හිතන්න ඕනේ. ඒ නිසා මේ වරදාන වලට මුවාවෙලා තමයි සාමාන්‍ය පොදු ජනතාවට වඩා වෙනස් ජීව කොට්ඨාසයක් විදිහට පාලක පැලැන්තිය කටයුතු කළේ අවුරුදු ගණනාවක් තිස්සේ. දශක ගණනාවක් තිස්සේ. ඒක අයින් කරලා පොදු ජනතාවගේ නියෝජිතයෝ විදිහට ඉදිරියට දේශපාලනයට එන්න ඉන්න පුද්ගලයින්ටත් උදව්වක් විදිහට තමයි මේ ක්‍රියාමාර්ග ගන්නේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...

දුමිදු කොස්ටාරාකවේදිත් – රනිත්මා බෙල්ජයමේදීත් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ මේ වන විට...

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්...