අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී, ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව ඇත. ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඊයේ (13) දිනයේදී ද බැකෝ සමන්ගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා විය.