ඉන්දියානු යූරියා විෂයි. පැළ ගොයමට ගහන්න එපා – අනුරගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් (VIDEO)

Date:

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා පොහොර විෂ සහිත බවත් ඒවා පැළ ගොයමට භාවිතා නොකරන්නැයි කෘෂි විද්‍යාඥයෙකු තමන්ට උපදෙස් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ පොහොර ප්‍රශ්නය සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ගොවි පවුල් ලක්ෂ 16ක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය. අපේ රටේ කර්මාන්තවලින් 25%ක් කෘෂිකර්මාන්තය පදනම් වෙච්ච කර්මාන්ත. අපේ රටේ ජාතික ආර්ථිකයට 7%ක් දෙන්නෙ කෘෂිකර්මාන්තය. මේ විශාල ක්ෂේත්‍රයක් අපේ ආර්ථිකයේ. අපේ ආහාර සුරක්ෂිතතාවය හදන්නෙ කෘෂිකර්මාන්තයෙන්. මොකක්ද කළේ ? 2021 අප්‍රේල් 28 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා රසායනික පොහොර නතර කරන්න. මැයි 06 වෙනිදා ගැසට් නිවේදනයක් ගහනවා. කුඹුරු පාළුවට යනවා, ගොවි ජනතාව හූල්ලනවා.

දැන් ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් දෙන්න එකඟවෙලා තිබෙනවා. ඒකට කැබිනට් පත්‍රිකාවක් එනවා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුව ලංකාවේ තිබෙන්න ඕනෙ සංයුතියට වඩා වැරදි සංයුතියක් තමයි ඉන්දියාවෙ තිබෙන්නෙ. ලංකාවේ ප්‍රමිතියට අනුව තියෙන්න ඕනෙ 1% යි. දැන් ගේන පොහොරවල තියෙනවා 1.5%ක්. මං ඔබට ඒ කැබිනට් පත්‍රිකාවේ අඩංගුවත් පෙන්වන්නම්. අපේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරලා තිබෙන සම්පූර්ණ ප්‍රමිතිය උල්ලංඝනය කරලා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙනවා. හෙට මේ පත්‍රිකාව සාකච්ඡාවට ගන්නවා කැබිනට් මණ්ඩලයේ. මොකක්ද කියන්නෙ ? ලංකාවට ගේන යූරියාවල තියෙන්න ඕනෙ බයියුරේට් 1% යි, හැබැයි ඉන්දියාවෙන් ගේන මේ පොහොරවල බයියුරේට් තියෙනවා 1.5%ක්. එතකොට මොකක්ද කියන්නෙ ? දැන් අපි මේ පොහොර ගෙනත් දෙන්නම්, අපට පොහොර අවශ්‍යතාවයක් ඇතිව තිබෙනවා, ගෙනාවෙ නැත්නම් මේක කඩාවැටෙනවා, ඒ නිසා බයියුරේට් වැඩි ප්‍රතිශතයක් තියෙන පොහොර හරි ගේමු, හැබැයි කියනවා ගොයම්වලටයි බඩඉරිඟුවලටයි විතරක් ගහන්න, වෙන මොකටවත් ගහන්න එපා කියලා. ලංකාවේ ප්‍රධාන කෘෂි විද්‍යාඥයෙකුට මම කතා කළා, එතුමා කිව්වා ගොයම්වලට ගහනවා නම් පැළ ගොයමට ගහන්න එපා කියලා. පැළ ගොයමට ගැහුවොත් මුල් විශාල ලෙස කුණුවීමේ ඉඩක් තියෙනවා කිව්වා. දැන් මොකක්ද කරලා තිබෙන්නෙ ? අන්තිමට සිද්ධ වෙලා තිබෙන්නෙ මොකක්ද, වසවිස වෙනදාටත් වඩා වැඩි පොහොර ගේන්න සිද්ධ වෙලා තියෙනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...