තව අවුරුදු 10කටවත් මේ රටේ කුඩු වසංගතය අවසන් කරන්න අමාරුයි. ඒ තරම් කුඩු ගෙනල්ලා තියෙනවා – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තව වසර 10කට සරිලන තරම් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රට තුළ පවතින බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මරු අප්පච්චි ! අඬනවා, වැළපෙනවා දැන් යනකොට, අප්පච්චි බේරාගන්න. බේරාගන්න නම් ඕනෙ අප්පච්චි…. තව අවුරුදු 10කටවත් මේ රටේ කුඩු වසංගතය අවසන් කරන්න අමාරුයි. ඒ තරම් කුඩු තියෙනවා. අද මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කළත් තව අවුරුදු 10කට මත්පෙති, මත්ද්‍රව්‍ය තියෙනවා ලංකාව ඇතුළෙ. ලංකාවට ගෙනල්ලා තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට පොළව යට තියෙන ප්‍රමාණය හැටියට, ගබඩා කරලා තියෙන ප්‍රමාණය හැටියට තව අවුරුදු 10කටවත් මේ රටේ කුඩු වසංගතය අවසන් කරන්න අමාරුයි, ඒ තරම් කුඩු තියෙනවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පොලොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...