සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් පිළිතුරු. CIDයටත් පැමිණීල්ලක් !

Date:

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

“මගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් දෙයින් එපිට කිසිදු දේපළක් මට නැහැ. පසුගිය දිනවල මා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට සම්බන්ධ පාර්ශ්වවලට එල්ල කළ චෝදනා පිළිබඳව ඔවුන් බියටත් කලබලයටත් පත්වෙලා මගේ කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි සංවිධානාත්මක මඩ ප්‍රචාර ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා”

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සහ තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ද පැවරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...