පොලීසිය දැන් කුඩු දාලා අපේ අයව අල්ලනවා – පොහොට්ටු ලේකම්ගෙන් පොලීසියට බරපතල චෝදනාවක්!

Date:

කොළඹ LNW: පොලීසිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හිතවතුන්ගේ නිවාසවලට පන මත්ද්‍රව්‍ය දමා පසුව පැමිණ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කර රැගෙන යාම සිදුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙය ඉතාම භයානක තත්ත්වයක් වන අතර දේශපාලන වුවමනාවන් වෙනුවෙ න් පොලීසිය අපකීර්තියට පත්කිරීමෙන් වළකින ලෙස පොලිස්පතිවරයාට පවසන බවයි එහිදී කාරියවසම් මහතා සඳහන් කළේ.

”පොලීසිය සෝදිසි වරෙන්තුවලින් තොරව විරුද්ධවාදී දේශපාලඥයින්ගේ ගෙවල්වලට කඩ පැනීම, ඒක අප දැක්කා පසුගිය සතියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසට සෝදිසි වරෙන්තුවකින් තොරව පොලීසිය කඩා පනින අවස්ථාවක්. මේ වගේ කටයුත්තක් ඉතාම භයානකයි. පොලීසිය යොදාගෙන විරුද්ධවාදීන් මැඩලන්න කටයුතු කිරීම, මෙය ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඒවගේම අපේ ක්‍රියාකාරීන් බය කරනවා පොලීසිය මේ විදිහට ගෙවල්වලට කඩා පැනල අධිකරණයකින් ගත්ත නිසි බල පත්‍රයකින් තොරව නිවාසවලට කඩා පැනීමෙන් පසුව ඒ ගෙවල් ඇතුලේ මත් ද්‍රව්‍ය හරි මොනවා හරි දෙයක් ඔවුන් විසින්ම දමා ගිහිල්ලා නැවත පැමිණ මෙය අරගෙන අපේ අධාරකරුවන්, අපේ හිතවතුන්ට යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් ඇතිකිරීම උත්සහ දැරීමක් මෙතන තියෙන්නේ. එක නිසා අද ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදී අපි පොලිස්පතිතුමාට කියනවා කරුණාකරලා ඔබතුමාගේ පොලිස් නිලධාරීන්ව පාලනය කරගන්න. දේශපාලන අවශ්‍යතාවන් මත පොලිස් නිලධාරීන්ව යොදවා ගැනීම මේ ආකරයට සිදුකරන්න ඉඩ දෙන්න එපා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...