NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

Date:

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට නම් සියලු දෙනා එකම වේදිකාවකට පැමිණිය යුතුවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

දැනටමත් විපක්ෂයේ කණ්ඩායම් එකට එකතු වෙලා වැඩකරන්න තීරණයකට පැමිණ සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකට එකතු වීමක් සිදුවන්නේ නම් එය ඉදිරියේදී සිදුවනු ඇති අතර දැනට සන්ධානගතව වැඩ කරන බව ඔහු අවධාරණය කරයි.

”එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ අපි එකතුවෙලා වැඩ කිරීමේ තීන්දුවකට එළඹිලා තිබෙනවා. ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කළා සන්ධානයක් හැටියට ඉදිරියට වැඩ කරන්න. විශේෂයෙන්ම දේශපාලන තීන්දු ගැන අපට පස්සේ හිතන්න පුළුවන්. දැනට මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට අපි එකට වැඩකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව අනෙක් දේශපාලන පක්ෂ, මුස්ලිම් දෙමළ සංවිධාන මේ සියල්ලම එක්ක එකට වැඩකරන්න අපි දැනටමත් වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයයි සමඟි ජන බලවේගයයි එකට එකතු වෙයිද කියල සමහර අය අහනවා. දැනටමත් එකතු වෙලා වැඩ කරන්නේ. බිම් මට්ටමේ අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් වැඩකරන්න පටන් අරන් තිබෙනවා. ඒක දේශපාලන පක්ෂයක් කරන එක කියන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි ඒක අනාගතයේදී අවස්ථාව බලලා සුදුසු තීරණවලට පක්ෂ එළඹෙයි.” යනුවෙන් අත්තනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...