මෝල් හිමියන් සහ අගමැති රනිල් අතර හමුවක්. තොග රැස්කිරීම ගැන නව නීති හදන්න සූදානමක්

ඉදිරියේදී ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

ණය ලබා දීමේදි රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ණය ලබා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකු වලට දැනුම් දුන් අගමැතිවරයා ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

සහල් මෝල් හිමියන් විසින් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සගවා ගැනීම් ද සිදුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (15) පැවැති මේ සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...