නිශ්මං රණසිංහ සැප්තැම්බර් 16, කොළඹ LNW:
ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය කළ අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තරග සංචාරය නිමා කරමින් මුහුණ දුන් අවසාන තරගයේදී ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යාය මත ලකුණු 130 ක ජයක් අත් කර ගන්නට සමත් වෙනවා.තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් ලබා සිටියදී තරගය වර්ෂාව නිසා නැවතෙනවා.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර් ප්‍රමාණය සීමා කිරීමෙන් අනතුරුව පන්දු ඕවර් 26 දී කඩුලු 5 ට ලකුණු 180 ක් රැස් කරනවා.
මෙම ලකුණු පූවරුව වෙනුවෙන් නායක විමත් දින්සර නොදැවී ලකුණු 58 ක් රැස් කරන අතර කවීජ ගමගේ ගේ දායකත්වය ලකුණු 51 ක් වෙනවා.
පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් ක්‍රීඩකයන්ට විශාලම තර්ජනය වන්නේ ද ලකුණු 51 ක් ලැබූ කවීජමයි.ඔහු පන්දුවාර 4 ක් යවා ලකුණු 9 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වෙනවා.තරගාවලිය පුරාම කොදෙව් තරුණයන්ට පීඩනයක් ගෙන දුන් විග්නේෂ්වරන් ආකාශ් මේ තරගයේදීත් කඩුලු 2 ක් ලකුණු 12 ට දවා ගන්නට සමත් වෙනවා.මේ පන්දු යැවීමේ පීඩනයට ඔරොත්තු නොඳුන් කොදෙව් කරුණයන් පන්දු ඔව්ර් 14.2 දී සියල්ල දැවී ලකුණු 62 ට සීමා වෙන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 130 ක ජයග්‍රහණයක් ලබා දෙමින්.
සමස්ත තරගාවලි ජය කොදෙව් කණ්ඩායමට හිමි වුණේ තරග 4-3 ක් ලෙසයි.