ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

Date:

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය දූත පිරිසක් ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ස්විට්සර්ලන්ත රජයේ නිළ ආරාධනයකට අනූව ශ්‍රී ලාංකේය දේශපාලන දූත පිරිසක් ස්විට්සර්ලන්තය බලා පසුගිය 14 වනදා අළුයම දිවයිනෙන් පිටත්විය. එහි ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා විසිනි.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා වසර 70ක් පිරීම නිමිත්තෙන් ස්විට්සර්ලන්ත රජය මගින් සංවිධාන කෙරුණු මෙම චාරිකාවට නිල ආරාධනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් ( Siri Walt ) මහත්මිය විසින් සිදු කරන ලදි.

චාරිකාව අතරතුර ස්විට්සර්ලන්ත දේශපාලන ක්‍රමය පිළිබඳව එම දූත පිරිසට අධ්‍යයනය කිරීමටද අවස්ථාව සැලස්සෙනු ඇත.

එමෙන්ම දෙරටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් එකොළොස් දෙනෙකුගෙන් ( 11 ) මෙම දූත පිරිස සමන්විත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...