රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

“1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත සංශෝධනය කිරීම : රාජ්‍ය ආදායම ඉහළ නංවාගැනීම පිණිස 2025 අයවැය යෝජනා මගින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම
ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද ඇමරිකන් ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නැංවීම

ඒ අනුව එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. එම පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබිලා තියෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා”

කැබිනට් ප්‍රකාශයක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...