නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW :

අද (17) දින, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව, කඩවත හුවමාරු මධ්‍යස්ථානය (Kadawatha Interchange Hub) සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව, වාර්තා වේ.

රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් වෙන්කර තිබෙන අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවීය.

ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් (Exim Bank) ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙන අතර, මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත බව පැවසේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඔස්සේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37ක් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...

පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් හය දෙනෙකු එංගලන්ත අධිකරණයක් විසින් නිවැරදිකරුවන් කර නිදහස් කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දී ඊශ්‍රායල...

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...