දේශබන්දුට එරෙහිව පියවර නොගැනීම; මහජන ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි

Date:

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවට කැඳවා තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද මෙම නියෝගය නිකුත් කළේය.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය. අදාල චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ නමුත් එම උපදෙස්වලට අනුව කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ක්‍රියා නොකළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස් ආඥා පනතේ නියෝග අනුව විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...