ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120ක්

Date:

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (U.S. International Development Finance Corporation) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 120ක මූල්‍ය සහායක් අනුමත කර තිබේ.

මෙම ණය මුදල මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ආයෝජන වැඩිකිරීම සඳහාත් සමානාත්මතාවය, රැකියා අවස්ථා ඇතිකිරීමත් සඳහා උපකාරී වනු ඇති බවයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ.

ඒ අනුව මෙහි එක් ව්‍යාපෘතියක් වශයෙන් කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක සෘජු ණය මුදලක් ලබාදීමට නියමිත අතර එයින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය ලබාදීම පුළුල් කිරීමටත් කාන්තාවන් හිමිකාරීත්වය දරණ ව්‍යවසායන්හි ණය පරතරය අවම කිරීමටත් යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

එසේම මෙහි දෙවැනි ව්‍යාපෘති වශයෙන් BPPL Holdings PLC සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 15ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කටයුතු වල නියැළෙන එම සමාගමේ කටයුතු පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩුකිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

එමෙන්ම තුන්වැනි ව්‍යාපෘතිය වශයෙන් MA’s Tropical Food Processing (Private) Limited ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර එයින් කාන්තාවන්ට නව රැකියා අවස්ථා ලබාදීමටත් සැපයුම් දාමය වැඩිකිරීම හරහා එම සමාගමේ තිරසර ආහාර නිෂ්පාදන

කටයුතු පුළුල් කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇති බවයි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...