සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් රජය ඉටු කරන දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් වියහැකිද කියා ගැටලුවක් ඇති බවත් මේ රජය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ අතර රටට වටිනා සම්පතක් වූ ලක්ෂ 14ක් 15ක් වන රාජ්‍ය සේවකයන් ලබා දුන් දැවැන්ත ජනවරම තුළ අද රාජ්‍ය සේවකයා තෘප්තිමත්ද කියාත් ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විදුලි බල මණ්ඩලය, විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කරනවා කියා අද විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක පිරිස අනාථ කර ඇති බවත් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී තරගකාරීත්වය සහිත නව වැඩපිළිවෙළකට යා යුතු වුවත් මේ සේවකයන් 23000 රැකියා සුරක්ෂිතභාවය, සමාජ ආරක්ෂණය තහවුරු විය යුතු බවත් වත්මන් රජය එදා බලය ලබා ගන්න උපකාරි කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය
එදා විදුලි සේවකයන් මහපාරට බස්සවා පවතින ආණ්ඩු අපහසුතාවට පත් කර රාජ්‍ය සේවකයාගේ කර පිටින් බලයට පැමිණි වත්මන් රජය අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් රජයේ නිලධාරීන් අමතක කර ඇති බවත් විදුලි බල ඇමතිවරයාට අනුව දැන් විදුලි බල ක්ෂේත්‍රයේ නිලධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා අද කඩුවෙල නගර සභාවේ සභාපතිවරයා එදා විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයා ලෙස විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් මහපාරට බහින්න නායකත්වය දී ඒ පිහිටෙන් කඩුවෙල නගරාධිපති වූ පසු විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් අමතක කර නොමග යවා අනාථ කර ඇති බවත් පැවසීය.
අයි.එම්.එෆ්. එක හමුවූ අවස්ථාවේ විදුලි බල සේවකයන් ගැන කතා කළේ සජබ අපි විතරයි
රාජ්‍ය සේවකයා යොදා ගෙන විප්ලව කර රජ පුටුවට පැමිණි පසු ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයා සහමුලින්ම අමතක කර අනාථ කර ඇති බවත් පසුගිය දිනක අයි.එම්.එෆ් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණ විදුලි බල ක්ෂේත්‍රය ගැන කතා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය පමණක් මේ 23000ක සේවකයන් ගැන කතා කළ බවත් සෙසු පක්ෂ මුනිවත රකින විට සමගි ජන බලවේගය මේ විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අයිතිය ගැන කතා කළ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
ප්‍රතිව්‍යුහගත කිරිම සිදු කළ යුත්තේ විදුලි සේවකයන් ආරක්ෂා කර ගෙනයි
මේ ප්‍රතිව්‍යුහගතකරණය, තරගකාරිත්වය ක්‍රියාත්මක විය යුත්තේ මේ 23000ගේ සේවක අයිතිය රැකී රැකියා සුරක්ෂිතභාවය තහවුරු වීමෙන් පසුව බවත් මේ ගැන කෙළින්ම අයි.එම්.එෆ්. එකට කිව්වේ සමගි ජන බලවේගය බවත් එදා විපක්ෂ මැතිවරණ වේදිකාවේ සිට රාජ්‍ය සේවක අයිතිය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණට අද මොවුන්ගේ අයිතිය ගැන කතා කරන්න කොන්දක් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා දැන් සත්‍ය ජයගෙන ඇති බවත් කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හැදින්විය හැකි බවත් පැවසීය.
පළාත් සභා ඡන්දයෙන් මේ අයට පාඩමක් උගන්වමු
අද බැංකු ක්ෂේත්‍රයේ පවා යම් යම් කොට්ඨාස මහපාරට බැස ඇති බවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී හෝ ජනතාවත් රාජ්‍ය සේවකයාත් රැවටූ මේ රජයට නිසි පාඩමක් උගන්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
