කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක් දැමෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
මේ වන විට රටේ ආර්ථික ස්ථාවරයක් ඇතිව තිබුණද විශාල දියුණුවක් අත්පත්කරගෙන නොමැති හෙයින් පවතින සීමිත මුදල් ප්‍රමාණය මඟින් ආයෝජන කැඳවීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතුවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
”මේ වෙද්දී අපි ස්ථාවර වුණාට රටේ ආර්ථිකය විශාල දියුණුවක් ලබල නැහැ. ඒ අභියෝග අරගෙන එනකම් තියෙන සීමිත මුදල් ප්‍රමාණය නිවැරදිව ආයෝජන කැඳවීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් හදන්න තමයි මේ වියදම් කරන්නේ. ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම ඉලක්ක කරගන්නේ ඔන්න ඔය දිශාවට. ආණ්ඩුව යම් තල්ලුවක් ලබා දෙනවා පුද්ගලික අංශයට ආයෝජන ගේන්න. ඒගොල්ලන්ට පුළුවන් එතකොට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ආයෝජන කැන්දන්න, සංචාරක කර්මාන්තයේ, දේශීය වෙළෙඳපොලේ ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරන්න, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ගේන්න පුළුවන්. මෙතැනදී අවශ්‍ය යටිතල පහසුකම්, රජයෙන් ලබාදෙන්න පුළුවන් පහසුකම්, දිරිගැන්වීම් ඒ සියල්ලක්ම කරනවා. එතකොට අයවැය ඉලක්ක වෙන්නේ සංවර්ධනයට අඩිතාලම දමන්න. ඒ අඩිතාලම ඇතුලේ හොඳ පරිසරයක් ආයෝජකයින්ට නිර්මාණය වෙනවා වගේම ආයෝජකයින්ට තමන්ගේ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කරන්න අවශ්‍ය නීති රීති අණපනත් සම්මත කරගන්නත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මණ
