දුමින්ද සිල්වා ඉවතට. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් දුමින්ද සිල්වා මහතාව ඉවත් කර තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා රජීව් සූරියආරච්චි මහතාව පත්කර ඇති බව සඳහන්.

රජීව් සූරියආරච්චි මහතා මීට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලැබ නිදහස් වීමෙන් අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කෙරුණු අතර එසේ ජනාධිපති සමාව ලබාදුන් ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු පෙත්සමක් මත එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ අනුව ඔහුව නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...