68 හැවිරිදි අයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම්: පාසල් වෑන් රථයක් තුළ දැරියක් ලිංගික අපයෝජනයකට ලක්කරලා

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ 
68 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් ඊයේ(19) දින නියම කෙරිණ. එම සිදුවීම සිදුව ඇත්තේ මීට වසර 11කට පෙරයි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසිනි. එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරෙකු ලෙස සේවය කළ එක්දරු පියෙකුට වේ.

සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණ. එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම්ද නියම කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...