අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ගම්මන්පිල නැවත කරළියට – මාලිමා මන්ත්‍රීවරුන්ගේ වත්කම් මිලදී ගැනීමට සැරසෙයි!

Date:

කොළඹ LNW:මාලිමාවේ මැති ඇමතිවරුන්ගේ වත්කම්වල දක්වා ඇති මිල ගණන්වලට වඩා දෙගුණයක් මිල ගෙවා ඒවා මිලදී ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (19) අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

”මම කැමතියි මාලිමාවේ නායකයින් විසින් වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා තිබෙන මිල ගණන් වලට ඕනෑම මන්ත්‍රීවරයෙක්ගේ ඕනෑම දේපලක් මිලදී ගන්න. මොකද ඒක ලොතරැයියක් ඇ දෙනවට වඩා වසනාවන්ත වැඩක්. මලිමාවේ නායකයින් ඉදිරිපත් කර තිබෙන වත්කම් අනුව ගිහිල්ලා අපි ඉල්ලලා බලමු මොකද වටින්නේ එච්චර නම් නොදී ඉන්න හේතුවක් නෑ. නෑ අපි දෙගුණයක් ගෙවනවා. එතකොට 100%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. මාලිමාවේ මැති ඇමතිවරු දාලා තියෙන වටිනාකම් වගේ දෙගුණයක් දුන්නොත් ඔය දේපල විකුණනවද?” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් උදය ගම්මන්පිල මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් රු.100 බැගින් එකතු කරන බවට ප්‍රකාශ කළ ඉතිහාසයක්ද තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...