අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ගම්මන්පිල නැවත කරළියට – මාලිමා මන්ත්‍රීවරුන්ගේ වත්කම් මිලදී ගැනීමට සැරසෙයි!

Date:

කොළඹ LNW:මාලිමාවේ මැති ඇමතිවරුන්ගේ වත්කම්වල දක්වා ඇති මිල ගණන්වලට වඩා දෙගුණයක් මිල ගෙවා ඒවා මිලදී ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (19) අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

”මම කැමතියි මාලිමාවේ නායකයින් විසින් වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා තිබෙන මිල ගණන් වලට ඕනෑම මන්ත්‍රීවරයෙක්ගේ ඕනෑම දේපලක් මිලදී ගන්න. මොකද ඒක ලොතරැයියක් ඇ දෙනවට වඩා වසනාවන්ත වැඩක්. මලිමාවේ නායකයින් ඉදිරිපත් කර තිබෙන වත්කම් අනුව ගිහිල්ලා අපි ඉල්ලලා බලමු මොකද වටින්නේ එච්චර නම් නොදී ඉන්න හේතුවක් නෑ. නෑ අපි දෙගුණයක් ගෙවනවා. එතකොට 100%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. මාලිමාවේ මැති ඇමතිවරු දාලා තියෙන වටිනාකම් වගේ දෙගුණයක් දුන්නොත් ඔය දේපල විකුණනවද?” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

කෙසේවෙතත් උදය ගම්මන්පිල මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් රු.100 බැගින් එකතු කරන බවට ප්‍රකාශ කළ ඉතිහාසයක්ද තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...