89 රනිල්ට අහුවුණා නම් JVP රන්ජන්ට වෙනදේ බලන්න තිබ්බා. රනිල් කියන්නේ හොඳ චන්ඩියෙක්. ඊට එහා ගෝඨාභය. ඊටත් එහා මහින්ද!

Date:

කොළඹ LNW: අද (20) එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සමුළුව විපක්ෂයේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විය.

ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද සංවත්සර සභාව අමතන ලදී.

එහිදී ඔහු සිය කතාව පවත්වමින් ආණ්ඩුවට යම් අභියෝගාත්මක කතාවක් කළ අතර ආණ්ඩුවේ ඇතැමුන් දැන් චන්ඩිකම් පෑවද සියල්ලන්ටම එහා චන්ඩියා රනිල් වික්‍රමසිංහ බවත් ගෝඨාභය රාජපක්ෂත් හොඳ චන්ඩියෙක් බවත් මහින්ද රාජපක්ෂ ඊටත් එහා චන්ඩියෙක් බවත් පැවසීය.

අද චන්ඩිකම් පාන ජවිපෙ අය එදා රනිල් වික්‍රමසිංහට අහුවුණා නම් සිදුවන දේද චාමර සම්පත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

”රනිල් වික්‍රමසිංහ කියන නායකයා නැතුව අපට විශ්වාසයක් නැහැ. එතනට වැඩකරමු. මේ ආණ්ඩුව එච්චරකල් යන්නේ නැහැ. යන්න දන්නේ නෑ. අතට දීපු බත් ටික කටට දාගන්න බැහැ. එකක් මතක් කරනවා. චන්ඩියෙක් ඊයේ පෙරේදා ටෝක් එකක් දෙනවා. අර රන්ජන් ඩයස් ජයලාල් කියල එකෙක් ඌ හොඳ චන්ඩියෙක්ලු දැන්. ඊට වඩා චන්ඩියෙක් තමයි රනිල් වික්‍රමසිංහ. 89 අහුවුනානම් ඔයගොල්ලෝ ඉවරයි. ඊට වැඩිය චන්ඩියෙක් තමයි රනිල්. නැද්ද? ඒ දවස්වල මට මොණරාගල යන්න බෑ රංජිත් මද්දුම බණ්ඩාර. ඒ වගේ චන්ඩි ගොඩක් ඉන්නවා මේ පැත්තේ. ඔයිට වැඩිය චන්ඩි හිටියා මේ රටේ. ගෝඨාභය ඊට වඩා චන්ඩියෙක්. මහින්ද රාජපක්ෂ ඊට වඩා චන්ඩියෙක්. රන්ජන් ජයලාල් හිතාගෙන ඉන්නේ ඌ චන්ඩියෙක් කියල. ඒවට නම් එන්න ලෑස්ති වෙන්න එපා මල්ලි. උඹ කඩුවෙල නගරාධිපති වෙයන්. උඹ රටේ නගරාධිපති නෙවෙයි. ඒවාට ඉඩ තියන්නෙත් නෑ. ඒවාට බයත් නෑ මේ චාමර සම්පත්ලා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...