89 රනිල්ට අහුවුණා නම් JVP රන්ජන්ට වෙනදේ බලන්න තිබ්බා. රනිල් කියන්නේ හොඳ චන්ඩියෙක්. ඊට එහා ගෝඨාභය. ඊටත් එහා මහින්ද!

Date:

කොළඹ LNW: අද (20) එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සමුළුව විපක්ෂයේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්විය.

ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද සංවත්සර සභාව අමතන ලදී.

එහිදී ඔහු සිය කතාව පවත්වමින් ආණ්ඩුවට යම් අභියෝගාත්මක කතාවක් කළ අතර ආණ්ඩුවේ ඇතැමුන් දැන් චන්ඩිකම් පෑවද සියල්ලන්ටම එහා චන්ඩියා රනිල් වික්‍රමසිංහ බවත් ගෝඨාභය රාජපක්ෂත් හොඳ චන්ඩියෙක් බවත් මහින්ද රාජපක්ෂ ඊටත් එහා චන්ඩියෙක් බවත් පැවසීය.

අද චන්ඩිකම් පාන ජවිපෙ අය එදා රනිල් වික්‍රමසිංහට අහුවුණා නම් සිදුවන දේද චාමර සම්පත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

”රනිල් වික්‍රමසිංහ කියන නායකයා නැතුව අපට විශ්වාසයක් නැහැ. එතනට වැඩකරමු. මේ ආණ්ඩුව එච්චරකල් යන්නේ නැහැ. යන්න දන්නේ නෑ. අතට දීපු බත් ටික කටට දාගන්න බැහැ. එකක් මතක් කරනවා. චන්ඩියෙක් ඊයේ පෙරේදා ටෝක් එකක් දෙනවා. අර රන්ජන් ඩයස් ජයලාල් කියල එකෙක් ඌ හොඳ චන්ඩියෙක්ලු දැන්. ඊට වඩා චන්ඩියෙක් තමයි රනිල් වික්‍රමසිංහ. 89 අහුවුනානම් ඔයගොල්ලෝ ඉවරයි. ඊට වැඩිය චන්ඩියෙක් තමයි රනිල්. නැද්ද? ඒ දවස්වල මට මොණරාගල යන්න බෑ රංජිත් මද්දුම බණ්ඩාර. ඒ වගේ චන්ඩි ගොඩක් ඉන්නවා මේ පැත්තේ. ඔයිට වැඩිය චන්ඩි හිටියා මේ රටේ. ගෝඨාභය ඊට වඩා චන්ඩියෙක්. මහින්ද රාජපක්ෂ ඊට වඩා චන්ඩියෙක්. රන්ජන් ජයලාල් හිතාගෙන ඉන්නේ ඌ චන්ඩියෙක් කියල. ඒවට නම් එන්න ලෑස්ති වෙන්න එපා මල්ලි. උඹ කඩුවෙල නගරාධිපති වෙයන්. උඹ රටේ නගරාධිපති නෙවෙයි. ඒවාට ඉඩ තියන්නෙත් නෑ. ඒවාට බයත් නෑ මේ චාමර සම්පත්ලා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...