රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය එන් එස් කුමානායක මහතා විසින්, විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරවයි. ඒ අනුව සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
තවද, ඉහළ පාලන අධිකාරියේ නියෝග සලකා බැලීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර ආරම්භ කළ බව ලංකා විදුලි බල වෘත්තිය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයෙන් අද පෙරවරුවේ රැස්වී ඉදිරියේදී ගන්නා පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
ඔහු පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා ඉවත් කර විධිමත් ආකාරයෙන් අදාළ යෝජනා සකස් කරන ලෙසට සිය පාලන අධිකාරියෙන් තවදුරටත් ඉල්ලා සිටින බවයි.
