නින්දේදී හුස්ම හිරවෙන රෝගී තත්ත්වයකින් පෙළෙන ශෂීන්ද්‍රට අදත් ඇප නෑ!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අද (22) යළි එළඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ හානියකට වන්දි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබියදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ චෝදනා එල වී තිබේ.

අද දිනයේදීද ඔහුගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය 12 වැනි දින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ පැවසුවේ සිය සේවාදායකයා බිහිසුණු රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ඔහුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන බවයි.

එම රෝගී තත්ත්වය පිළිබඳ සලක බලා ඇප ලබා දීමට සලක බලන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියද සැකකරුට ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...