අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ප්‍රතික්ෂේප කළේ ඇයි? හේතු සභාගත කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි!

Date:

කොළඹ LNW:අරුණ ජයසේකර ඇමතිවරයාට විරුද්ධව ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අරුණ ජයසේකර ඇමතිවරයා සම්බන්ධයෙන් පුද්ගලික ගැටලු නොමැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙසයි විපක්ෂ නායකයා පැවසුවේ.

එසේම වින්දිතයන් පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එය නොවූ නිසා ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙකු සූම් තාක්ෂණය හරහා එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති අතර මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවද හෙතෙම කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...