අදත් කටුනායකින් කුෂ් කිලෝ පහක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකුගේ උත්සහය ව්‍යර්ථ කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් සතුව තිබී එම කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.

ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට අද දින අලුයම 06.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අත්අඩංගුවට පත් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි පුද්ගලයෙකි.

ගමන් මලු දෙකක් තුළ සහ පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් එහි සගවා රැගෙන විත් ඇත.

මෙසේ අත් අඩංගුවට ගත් ” “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...